brand logo

බන්ධනාගාර පොකුරේ ආසාදිතයන්

06 February 2021

    බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 11දෙනෙකු හඳුනා ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එම ආසාදිතයන් අතර නිලධාරීන් සිව් දෙනෙකු සහ රැඳවුවන් 07 දෙනෙකු වේ. එසේම මේ දක්වා බන්ධනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 4,600ක සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර ඉන් 4,364 දෙනෙකු සුවය ලබා තිබේ. තවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කොවිඩ් ආසාදනයවූ රැඳවියන් 10 දෙනෙකු මියගොස් ඇති බවයි. බන්ධනාගාර නිලධාරීන් 09 දෙනෙකු සහ රැඳවියන් 215 දෙනෙකු රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසිකව රැඳී සිටින බවද වාර්තා වේ.
 

More News..