brand logo

බන්ධනාගාර නිලධාරී වෙස්ගෙන ඇල්ලු හෙරොයින් ජාවාරම

28 May 2020

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට ලබා දීමට ගෙන ආ හෙරොයින් ග්‍රෑම් 22 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛේ. ඒ බන්ධනාගාරය ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාශය විසිනුයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල මා බෝල පදිංචි 29 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකි. දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන කඩුවෙල රණාල ප්‍රදේශය කේන්ද්‍රකොටගෙන ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුට ලබා දීමට බන්ධනාගාර නිලධාරියෙකු වෙත මෙම හෙරොයින් ලබා දී තිඛේ. පොලිස් කොස්තාලප් අමිලට ලද තොරතුරකට අනුව බන්ධනාගාර නිලධාරියෙක ලෙස වෙස්වලා ගනිමින් මෙම හෙරොයින් ලබා ගන්නා විට සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පැමිණ ඇති මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිඛේ. හෙරොයින් බන්ධනාගාරය තුලට රැගෙන යාමේ ජාවාරමට සම්බන්ධ නිලධාරින් සොයා කොළඹ අපරාධ කොට්ඨාශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු / ඒ ඊ එස් සුසන්ත / පොලිස් පරීක්ෂක කේ ජී කේ දේවගිරි / පොලිස් සැරයන් 61780 සඳරුවන් / පොලිස් කොස්තාපල් 69480 කුමාර 83973 දිලංක / 82631 අනුරුද්ද / 89729 අසංක ඉදිරි විමර්ශන සිදුකරනු ලබයි. හේමන්ත ලියනපතිරණ
 

More News..