brand logo

බන්ධනාගාර නිලධාරින්ගෙන් සැකකරුවෙක් පලා යයි

08 December 2019

ගාල්ල බන්ධනාගාරයේ සිට ප්‍රතිකාර ලබාදිම සඳහා කරාපිටිය රෝහලට රැගෙන පැමිණ වෛද්‍ය වරයාට ඉදිරිපත් කිරිම සදහා සුදානම් වෙත්ම බන්ධනාගාර නිලධාරින්ගෙන් මිදි පලාගිය සැකකරුවෙක් ප්‍රදේශයවාසින්ගේ සහයෝගයෙන් නැවත අල්ලා ගැනිමට හැකියාව ලැබි ඇත. ගාල්ල බන්ධනාගාරයේ සිරකරුවෙකු පෙරේදා(06)දහවල් බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවෙන් මිදි පලා ගොස් සැඟව සිටියදී මෙසේ අත් අඩංගුවට ගත් බව රෝහල් පොලිසිය පවසයි. මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් සිර දඩුවම් නියම කර ඇති මෙම සිරකරුට ප්‍රතිකාර ලබාදිම සඳහා අද දහවල් කරාපිටිය රෝහලට ගෙනැවිත් ඇත. බන්ධනාගාර නිලධාරින් ඔහු වෛද්‍යවරයාවෙත ඉදිරිපත් කිරිමට සූදානම්වු අවස්ථාවේ එක් වරම බන්ධනාගාර නිලධාරින්ගේ අත් අඩංගුවෙන් මිදි පලාගොස් ඇත. පසුව ක්‍රියාත්මකවු බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් නිලධාරින් එම ස්ථානයේ සිටි ජනතාවගේ ද සහාය ඇතිව රෝහල් භුමියේම සඟව සිටියදී සිරකරු අත් අඩංගුවට ගෙන ඇත. අක්මිමණ එච්.එම්.සමන්
 

More News..