brand logo

බන්ධනාගාර තාප්පයට උඩින් ගිය දුරකථන බැටරි සහ හෙරොයින්

06 September 2020

  වැලිකඩ මැගසින් බන්ධනාගාර තාප්පයට උඩින් ජංගම දුරකථන බැටරි 10ක් සහ හෙරොයින් පැකට්ටුවක් විසි කිරීමට උත්සහ කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. ඒ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගත් බව පැවසේ. අදාළ පාර්සලයේ තිබී රුපියල් 36,000 ක මුදලක්ද සොයා ගෙන ඇත. 35 හැවිරිදි සැකකරු බොරැල්ල සීවලී පටුමග පදිංචි කරුවකු බව පැවසේ. එම පුද්ගලයා පිලිබඳ වැඩි දුර විමර්ශණ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදුකරන බව සඳහන් වේ.
 

More News..