brand logo

බන්ධනාගාර තාප්පයට ඉහලින් ගිය පාර්සල්

06 April 2021

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහලින් විසිකළ තහනම් ද්‍රව්‍ය සහිත පාර්සල් කිහිපයක් සොයාගෙන තිබේ. පසුගිය 04 වන දා වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය තුළට විසි කළ පාර්ලසලය' පාර්සල් විසි කිරීම වැලැක්වීම සඳහා යොදා තිබෙන ආරක්‍ෂිත දැලෙහි රැඳී තිබියදී සොයාගෙන ඇත. එම පාර්සලයේ ජංගම දුරකථන 09ක්, සිම්පත් 05ක්, දුරකථන බැටරි 14ක්, ජංගම දුරකථන චාජර් 08ක්, දුම්කොළ 10ක්, බුලත්කොළ 20ක් සොයාගෙන තිබෙන බව සඳහන් ය. තවද භාණ්ඩ අතර පුවක් කැබලි 20ක්, හුනු පැකට් එකක්, ඊයම් කොළ 04ක් සහ ගිනි පෙට්ටි 02ක් ද සොයගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර ඊයේ (05) රාත්‍රී 11.45ට පමණ තවත් තහනම් භාණ්ඩ පාර්සල් 02 ක් කාන්තා අංශයට ඉහලින් වන දැල් ආවරණයේ රැඳී තිබියදී සහ ඒ අසල බිම වැටී තිබියදී සොයා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදුකිරීමට නියමිතය.
 

More News..