brand logo

බන්ධනාගාර ගැටුමෙන් 'මැස්සා' මියගිහින්

03 November 2020

සිරකරුවන් දෙපිරිසක් අතරවූ ගැටුමකින් මොනරාගල බන්ධනාගාරයේ රැඳවියකු මියගොස් තිබේ. බන්ධනාගාර ගැටුම අද දහවල් සිදුවී ඇති අතර එම ගැටුමෙන් 'මැස්සා' නමැති අන්වර්ථ නමකින් සඳහන් කරන සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. ගැටුම නිරාකරණයට දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද පැවසේ. අදාල සිදුවීමෙන් සිරකරුවන් නොසන්සුන්තාවයට පත්ව සිටින බවද, එම තත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් බන්ධනාගාරයට යවා ඇතැයි ද වාර්තාවේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිදුකරන බවද පැවසේ.
 

More News..