brand logo

බන්ධනාගාර ආශ්‍රිතව තවත් 45කට කොරෝනා

07 January 2021

බන්ධනාගාර ආශ්‍රිතව තවත් කොරෝනා ආසාදිතයින් 45දෙනෙකු හදුනාගෙන තිබේ. ඉන් තිදෙනෙකු නිලධාරීන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගතවූ පැය 24 තුළ වාර්තා වූ මෙම ආසාදිතයින් 45දෙනාත් සමග බන්ධනාගාර ආශ්‍රිත මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4169 දක්වා ඉහළ ගොස් ඇත. වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 874ක්, මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 839ක්, මහර බන්ධනාගාරයෙන් ආසාදිතයින් 798ක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 417ක් සහ මීගමුව බන්ධනාගාරයෙන් ආසාදිතයින් 334දෙනෙක් ලෙස වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..