brand logo

මෙවර අවුරුද්දට බන්ධනාගාර ආපනශාලාවෙන් රැඳවුවන්ට ආහාර

09 April 2021

අලුත් අවුරුද්ද සඳහා බන්ධනාගාර ආපන ශාලාවෙන් රැඳවුවන්ට ආහාර ලබාදීමට කටයුතු සැලසුම් කර තිබේ. මේ අනුව මෙවර අප්‍රේල් 13 සහ 14 දෙදින සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිරකරුවන් බැලීමට ඥාතීන්ට අවස්ථාව ලබාදී තිබෙන නමුත් නිවසින් රැගෙන එන ආහාර කිසිවක් ලබාදීමේ අවස්ථාව හිමි නොවන බව සඳහන් ය. ඒ අනුව සිරකරුවන්ට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් ලෙසට අවශ්‍ය පිසින ලද ආහාර කෙටි ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාගැනීමට නිවැසියන් විසින් රුපියල් 1000ක මුදලක් බන්ධනාගාර ආපන ශාලාවේ තැන්පත් කළ යුතුය. මේ සඳහා පසුගිය 8වනදා සිට ලබන 14 දා තෙක් අවස්ථාව ලබා දී ඇත. එම තීරණය ගෙන තිබෙන්නේ ආහාර පාන තුලින් කොවිඩ් වසංගතය බන්ධනාගාර තුලට ඇතුල් වීම වැලකීම සඳහාය.
 

More News..