brand logo

බන්ධනාගාරයේ තාප්පය කඩා වැටෙයි

22 January 2021

මැගසින් බන්ධනාගාරයේ තාප්පයක කොටසක් පෙරේදා (20 වැනිදා) රාත්‍රියේ කඩා වැටී ඇති බව බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. යුද හමුදාව පෙරේදා (20 වැනිදා) රාත්‍රියේම එම කඩා වැටුණු කොටස තාවකාලික තහඩු යොදා ආවරණය කර තිබේ. එසේම බන්ධනාගාර නිලධාරීන් යොදවා එම ස්ථානයේ ආරක්ෂාවද තර කිරීමට පියවර ගෙන තිබේ. මැගසින් බන්ධනාගාරයේ රැඳවූවන් 1000කට ආසන්න පිරිසක් රඳවා සිටින අතර දිවා කාලයේ දී තාප්පය කඩා වැටුණේ නම් ජීවිත හානි පවා සිදු වීමට ඉඩකඩ තිබූ බවද රැඳවූවන් පැනයාමේ හැකියාවක් තිබූ බවද බන්ධනාගාර මූලස්ථානය සඳහන් කරයි. මෙම තාප්පය කඩා වැටෙන අවස්ථාවේ රැඳවූවන් සිරමැදිරි තුළ සිටි හෙයින් කිසිවකුටත් අනතුරක් නොමැති බවද බන්ධනාගාර මූලස්ථානය පවසයි. මෙම කඩාවැටුණු තාප්පය වසර අසූවකට අධික කාලයක් පැරැණි එකක් බවත් එය කඩිනමින් යථා ත්ත්ත්වයට පත් කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන තිබේ. හේමන්ත ලියනපතිරණ
 

More News..