brand logo

බන්ධනාගාරයට ගෙනා පිස්තෝල 30ක් නාවික හමුදා ගබඩාවේ පුස් කයි

17 August 2019

ගිනි අවි ගෙන්වීමේ ටෙන්ඩරයක් යටතේ බන්ධනාගාර විශේෂ රාජකාරි සඳහා ආනයනය කළ පිස්තෝල තිහක් ජනාධිපතිවරයාගේ අනුමැතිය නැති බව කියමින් මාස දෙකකට වැඩි කාලයක් වැලිසර නාවික හමුදා ගබඩාවේ රඳවා ඇත. පාස්කු ඉරිදා අන්තවාදී ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ජනපතිගේ තීරණයක් යැයි කියමින් අවි ආයුධ නිකුත් කිරීම නතර කර ඇත. ඒ අනුව දෙලක්ෂදාහත්දහසක් බැගින් වූ මිලිමිටර් නවයේ පිස්තෝල තිහක් මෙරටට ගෙන්වා වැලිසර නාවික හමුදා ගබඩාවේ තැන්පත් කර ඇත. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතේ නොවන නිසා මෙම අවි ආයුධ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මෙතෙක් මුදාහැර නැත. විශේෂ බන්ධනාගාර රාජකාරි සඳහා යැවීමට ආයුධ හිඟයක් පවතින මොහොතක මෙම අවි ආයුධ ගබඩාවල මාස දෙකක් තිස්සේ රඳවාගෙන තැබීම ගැටලුවක් බව බන්ධනාගාර නිලධාරීහු පවසති. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..