brand logo

බන්දුලගේ සරම ඉවරයි

06 August 2019

පොදුජන පෙරමුණ පසුගිය සතියේ ම ‘ගෙයින් ගෙට’ යන දැනුවත් කිරීමේ වැඩසටහන ද ආරම්භ කළ අතර පළමුවැනි ‘රූපවාහිනී දැන්වීම’ ද ප්‍රචාරය කරන්නට පටන්ගෙන තිබිණි.සුපුරුදු සුදු සරමින්ම සාදයට පැමිණි ‘බන්දුල ගුණවර්ධනගේ සරමේ’ තිබුණු මඩ වැනි දුඹුරු පැහැති පැල්ලම් දක්වමින්, එතැනට පැමිණි රංජිත් මද්දුම බණ්ඩාර, ‘‘මොකද මේ සරම... මොනවද මේ ගෑවිලා තියෙන්නේ...’’ යි ඇසුවේ ය. ‘‘අයියෝ මම එන ගමන් චොකලට් කකා ආවෙ... ඒව ගෑවිලා...’’ බන්දුල කීවේ ය. ඉන්පසු රංජිතුත් බන්දුලත් දෙදෙනාම එකතු වී යන්තමට සරම පිසදාගෙන අමුත්තන් අතරට ගියේ ය. ‘දෙවැනි සාදය’ පැවතියේ බ්‍රහස්පතින්දාට, එනම් අගෝස්තු පළමුවැනිදාට යෙදුණු ‘ස්විට්සර්ලන්ත ජාතික දිනය’ සැමරීම සඳහා ය. එම සාදය සංවිධානය කර තිබුණේ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය මගිනි. මෙය අති උත්කර්ෂවත් ‘කොක්ටේල් පාටියක්’ වූ අතර එහි සිටි පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් අතර ‘රතන හිමියන්’ ද සිටිනු දක්නට ලැබුණි.
 

More News..