brand logo

බදු ගෙවන්නන්ට වැදගත් පණිවුඩයක්

04 November 2020

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් බදු ගෙවන්නන්ට සහ අනුමත ගණකාධිකාරීවරුන්ට සහන කාලයක් ලබාදීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ 2019/2020 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා 2021 පෙබරවාරි 28වන දින හෝ එදිනට පෙර ගොනු කිරීමට සහන කාලයක් ලබාදෙන බවයි. මීට පෙර 2019/2020 තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තාව ගොනු කළ යුතු අවසාන දිනය 2020 නොවැම්බර් මස 30 වන දින ලෙස පැවැති අතර, කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් බදු ගෙවන්නන්ට සහ අනුමත ගණකාධිකාරිවරුන්ට ආදායම් වාර්තා ගොනු කිරීමට අපහසු වී ඇත. ඒ අනුව 2021 වසරේ පෙබරවාරි මස 28 වන දින හෝ එදිනට පෙර තක්සේරු වර්ෂය සදහා ආදායම් වාර්තා ගොනු කරනු ලබන්නේ නම් දේශීය ආදායම් පනතේ විධිවිධාන අනුව නියමිත දිනට වාර්තා ගොනු කිරීමට අපොහොසත් වීම මත දණ්ඩන පනවනු නොලබන බව බදු ගෙවන්නන් සහ අනුමත ගණකාධිකාරීවරුන් වෙත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.
 

More News..