brand logo

බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වැසෙයි

05 March 2021

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් විසින් පියවර ගෙන ඇත. එම වාට්ටුවේ 34දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ. වෛද්‍යවරියක්, හෙද නිලධාරිනියන් දෙදෙනෙකු, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු, රෝගීන් බලගන්නා සහායකයින් 7දෙනෙකු සහ රෝගීන් 22දෙනෙකු මෙලෙස කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත. මීට පෙර රෝගියෙක් සහ හෙද කාර්යමණ්ඩල සාමාජිකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ යොමු කර ඇති අතර, එහි ප්‍රතිඵල වලට අනුව ඉන් තිස් හතරදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. මෙම තත්ත්වය මත බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුව ද වසා දැමීමට බලධාරීන් තීරණය කළේය.
 

More News..