brand logo

බදුල්ල නගර සභා කාර්යාලය උණුසුම් වෙයි

01 December 2018

ජනසෙත පෙරමුණේ බදුල්ලේ පැවැත්වීමට සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා ස්ථානය වෙන් කර නොදුන් හේතුවක් නිසා ඊයේ දහවල් බදුල්ල නගර සභා කාර්යාලය දැඩි උණුසුම්කාරී තත්වයක් හට ගත්තේය. ජනසෙත පෙරමුණේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධායක කැන්දගොල්ලේ විජිතානන්ද හමි විසින් මෙම රැස්වීමට ස්ථානය ඉල්ලා මීට දින තුනකට පමණ පෙරදී මහ නගර සභාවට ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. රැස්වීම පැවැත්වීම සඳහා යෝජිත ස්ථානය ලෙස සඳහන්වී තිබුණේ වෙළේ කඬේ වෙළඳ සංකීර්ණය ආශ‍්‍රිත ස්ථානයකි. මෙම ස්ථානයට යාබදව බදුල්ල අධිකරණ සංකීර්ණය මෙන්ම බදුල්ල මහ රෝහලත් බදුල්ල විශාඛා විද්‍යාලයත් පිහිටා තිබීමත් බදුල්ල කොළඹ ප‍්‍රධාන මාර්ගයත් පිහිටා තිබීම නිසා මේ සම්බන්ධව නගර සභාවට තීරණයක් ගැනීමට අපහසු බැවින් බදුල්ල පොලීසියෙන් නිර්දේශයක් අවශ්‍ය බව සංවිධායකවරුන්ට දැන්වූ බවත් එහිදී පොලීසය විසින් මෙම ස්ථානයේ රැුස්වීමක් පැවැත්වීමට පොලීසිය නිර්දේශය ලබා නොදී ඇති බවයි බදුල්ල මහ නගර සභාවේ ප‍්‍රකාශකයෙක් සඳහන් කලේ. මෙවැනි වටපිටාවක් තිබියදී අද දහවල් කාලයේදී ජනසෙත පෙරමුණේ නායක සීලරතන හිමියන් ඇතුලූ පිරිසක් නගර සභා කාර්යාලයට පැමිණ සේවකයින්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බවත් රැස්වීමට ඉඩ ලබා නොදීමට හේතු පැහැදිලි කර දුන්නද සීලරතන හිමියන් එය වටහා නොගෙන සේවකයින් සමග විවාද කළ බවත් එම ප‍්‍රකාශකයා සඳහන් කලේය. ඔහු වැඩි දුරටත් සඳහන් කලේ මෙම ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීමක් නගර සභාවට ගත නොහැකි බවත් වෙනත් ස්ථානයක් ඉල්ලන්නේ නම් එම ස්ථානය ලබාදීමට කටයුතු කරන බවයි. ඒ කෙසේ වෙතත් සීලරතන හිමියන් එම යෝජනාවට එක`ග නොවුණු අතර අද දින පැවැත්වීමට නියමිතව තිබූ ජන හමුව පැවැත්වූයේද නැත.
 

More News..