brand logo

බදුල්ලේ ‌ඓතිහාසික වැල්බෝධිය කඩා වැටෙයි

10 March 2021

බදුල්ල නගරයේ පිහිටි ‌ඓතිහාසික වැල්බෝධිය සම්පූර්ණයෙන්ම කඩා වැටී පුද්ගලයෙකු බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. බදුල්ල පොලීසිය පැවසුවේ වැල්බෝධිය කඩා වැටීමෙන් මෝටර් රථ දෙකකට, ලොරි රථයකට, ත්‍රිරෝධ රථයකට සහ යතුරුපැදියකට දැඩි අලාභ හානි සිදුවූ බවයි. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් ද හටගෙන තිබිණි. බදුල්ල නගරයේ විදුලි රැහැන් පද්ධතිය ද කඩා වැටීමෙන් විදුලිබලය ද මුළුමනින්ම ඇණ හිට තිබූ බව අප වාර්තාකරු සදහන් කරයි. ඡායාරූප - දිමුතු සදරුවන්
 

More News..