brand logo

බදුල්ලේ ලොක්කෙක් ජනාධිපතිවරණය පසෙකලා මනාප සටනක

07 November 2019

ඌව පළාතේ හිටපු ප්‍රධානියෙක් ජනාධිපතිවරණ වේදිකාවේ තම අපේක්ෂකයා ප්‍රවර්ධනය කරනවා වෙනුවට ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් මනාප එකතු කිරීමේ සටනක නියැළෙන බව බදුල්ලේ ප්‍රාදේශීය දේශපාලකයෝ චෝදනා කරති. ඔහු පෙරේදා (05 වැනිදා) ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසකට තර්ජනය කර ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදී තමන්ට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා වීමට මනාප ලබාදිය යුතු බවය. ‘‘දැන් ඉන්න සංවිධායකයා වයසයි. එයාට දැන් වැඩ කරන්න බෑ. ඒ නිසා මට මනාප දීපල්ලා’‘ යැයි තර්ජනාත්මක ලෙස පවසන බව මෙම ප්‍රාදේශීය දේශපාලකයෝ පවසති. මෙවැනි නරුමයන් සමග දේශපාලනය කරනවාට වඩා හොඳයි දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න එක යැයි පවසා ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් මේ පිළිබඳ ශ්‍රීලනිප නායකත්වය දැනුවත් කිරීමටද තීරණය කර ඇත.
 

More News..