brand logo

බදුල්ලේ රක්ෂිතයක ගින්නකින් අක්කර 100ක් විනාශ වෙයි

26 June 2019

බදුල්ල වීර්යපුර කඳු රක්ෂිතය හෙවත් බදුල්ල සිරිපා කන්ද නමින් ප්‍රසිද්ධ කඳු රක්ෂිතයේ පෙරේදා (25) දින සවස ගින්නක් හටගෙන තිබුණි’ මෙම ගින්නෙන් අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වන්නට ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම කඳු රක්ෂිතයට රථ වාහන ගමන් මාර්ග නොමැතිවීමෙන් ගින්න නිවා දැමීමට ගිනි නිවන ඒකක වලට නොහැකි තත්වයක් උදාවී තිබුණි’ මේ දිනවල පවතින අධික නියං කාලයත් සමග ගින්න සීග්‍රයෙන් පැතිර ගොස් තිබුණි’ මෙම කඳු මුදුනේ පසුගිය පොසොන් පොහොය නිමිත්තෙන් සිරිපා අනුරුවක් නිර්මාණය කොට දින හතක් පුරාවට ජනතාවට වන්දනා මාන කිරීමටද ඉඩ සලස්වා තිබුණි’ මේ වන විටත් එම සිරිපතුල කන්ද මුදුනේ තැන්පත් කර ඇති අතර එම ස්ථානයට හානියක් නොවූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ’ කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් මෙම ගින්නට හේතු වන්නට ඇති බවත් ගින්න පැතිරයාම පාලනය කිරීමට ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් ගත් අතර යුධ හමුදා නිළධාරීන් ද ගින්න නිවීමේ කටයුතු සඳහා එක්වූ බවයි බදුල්ල ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ’එම්’එල්’උදයකුමාර මහතා සඳහන් කලේය. ජයලත් දිසානායක
 

More News..