brand logo

බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙයි

28 June 2019

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ මේ වනවිට සාක්ෂි ලබාදෙමින් සිටියි. අද (28) පස්වරු 2.30ට පමණ ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම ආරම්භ කර ඇති අතර පෙරේදා දිනයේදී ඔහු කොමිසම හමුවේ පෙනී සිටියත් එහි නියෝජිතයින් 03දෙනෙකු නොමැතිවීම, ප්‍රශ්න කිරීමට කාලය අවශ්‍යවීම සහ වැදගත් රැස්වීමක් යෙදී තිබීම හේතුවෙන් අද (28) පස්වරු 02ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත.
 

More News..