brand logo

" බදියුදීන් අත්අඩංගුවට ගන්න එපා"පෙත්සම 20 ගනී

16 October 2020

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ලබන 20 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ. කුමුදුනී වික්‍රමසිංහ සහ සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලීමට නියමිතය. වැඩ බලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්. පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. ඉකුත් ජනාධිපතිවරණය දිනයේ අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බව පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා අධිකරණය හමුවේ කියා සිටි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බව පෙත්සම්කරු පවසයි.
 

More News..