brand logo

බද්දට ගොඩනැගිල්ල දී පාඩු පිට විදුලි බිල්පත් ගෙවන ධීවර සංස්ථාව

17 April 2021

දේශීය ටින් මාළු සමාගමක් සඳහා රුපියල් අට ලක්ෂයක මාසික කුලියකට බදු දී ඇති ධීවර සංස්ථාවට අයත් ගාල්ලේ පිහිටි ගොඩනැගිල්ලක රුපියල් දාහතර ලක්ෂය බැගින් වන මාසික විදුලි බිල්පත් දස වසරක් පුරා ගෙවීමට එම සංස්ථාවට සිදුව ඇතැයි සංස්ථාවේ ආරංචිමාර්ග පවසයි. මෙම ගොඩනැගිල්ලේ බිල්පත් වෙනුවෙන් පසුගිය වසර දහය පුරාම රුපියල් කෝටි දාසයක පමණ මුදලක් ධීවර සංස්ථාව විසින් ගෙවා ඇති අතර එකී ගොඩනැගිල්ල සඳහා කුලිය වශයෙන් ලැබී ඇත්තේ රුපියල් කෝටි නවයක පමණ මුදලකි. මෙම ගොඩනැගිල්ල 2011 වසරේදී දස වසරක් සඳහා බදු දී ඇත්තේ එවක ධීවර ඇමැතිවරයාව සිටි රාජිත සේනාරත්නගේ උපදෙස් හා මැදිහත්වීම මතය. මෙම ගොඩනැගිල්ල ධීවර සංස්ථාවේ වුවත් එහි භාවිත කරන යන්ත්‍ර සූත්‍ර බදු ගත් සමාගමට අයත් ඒවා වේ. එහි නිෂ්පාදන කටයුතු වෙනුවෙන් අධික විදුලියක් භාවිත වේ. මේ සම්බන්ධයෙන් ධීවර සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ලලිත් දවුලගලගෙන් අරුණ කළ විමසුමකදී සඳහන් කළේ එලෙස බදු දී ඇති ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය ලබන මැයි මාසයේ දී අවසන් වීමෙන් පසු අදාළ ගොඩනැගිල්ල ධීවර සංස්ථාව වෙත යළි පවරා ගන්නා බවය. පසුගිය කාලයේ පැවති අවිධිමත් පරිපාලනය හේතුවෙන් මෙවන් වැරදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. එෆ්. අස්ලම්
 

More News..