brand logo

බත් මුට්ටියක් පෙරලීමෙන් අවුරුදු දෙකක දැරියක් ජීවිතක්ෂයට

01 January 2020

යාපනය, පෙරියතොට්ටම් ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දැරියකගේ සිරුර මතට බත් මුට්ටියක් පෙරලී එහි තිබූ කැඳ වතුරට සිරුර දැඩි ලෙස පිලිස්සීමෙන් වයස අවුරුදු දෙකක දැරියක් මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ බරපතළ පිළිස්සුම් තුවාල ලැබු දැරිය යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. අදාළ දැරිය නිවසේ සෙල්ලම් කරමින් සිට ඇති අතර, දැරිය ලාම්පුතෙල් ලිපක් මත තිබූ බත් මුට්ටියට ගැසූ පා පහරකින් එම බත් මුට්ටියේ තිබූ උණු කැද දැරියගේ ඇඟ මතට වැටුණු බව දැරියගේ මව පොලීසිය පවසා තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ යසින්තන් ජයලක්ෂි නමැති වයස අවුරුදු දෙකක දැරියක් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
 

More News..