brand logo

බණ්ඩාරවෙල වෙළෙඳ සංකිර්ණයක ගින්නක්

23 September 2020

බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ආපන ශාලාවක් අද ( 23) හදිසියේ ඇති වූ ගින්නකින් මුළුමනින්ම විනාශ වී ඇතැයි බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය කියයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි අනාවරණ වී ඇත. පොල් අතු සහ පිදුරු සෙවිලි කර මෙම ආපනශාලාව තිබී ඇති අතර වේගයෙන් ගින්න පැතිරීමට ද මෙම තත්ත්වය බලපා ඇති බව පොලීසිය සඳහන් කරයි. ගින්න මැඩපැවැත්වීම සඳහා බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කළේය. බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
 

More News..