brand logo

බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසක තිබී කැමා ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් සොයාගැනේ

30 May 2019

පොලීසියට ලද තොරතුරක් මත අද (30) අලුයම් කාලයේ කළ සෝදිසියකදි බණ්ඩාරවෙල ඔත්තෙකඩේ ප්‍රදේශයේ නිවසක තිබී , යුධ හමුදා කැලෑ ඇදුම්වලට සමාන කැමා ටී ෂර්ට් 2ක් , කොටකලිසම් 2ක් දිග කලිසම් 1ක් හා ජර්සි 2ක් සොයාගෙන ඇත. සෝදිසි කල එම නිවසේ මිදුලේ තිබී අඩි 2ක ගංජා පැළයක්ද හමු වී ඇති බවපොලීසිය සඳහන් කරන අතර නිවෙස්හිමියා අත්අඩංගුවට ගෙන ඇත. බණ්ඩාරවෙල පොලීසිය සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කරමින් සිටියි.
 

More News..