brand logo

බණ්ඩාරගම සහ මහනුවර ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

25 November 2020

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කළ බවය. මීට අමතරව, මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත යන ග්‍රාමසේවා වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.
 

More News..