brand logo

බඩ ගැන හිතන මිනිස්සුන්ට වඩා රට ගැන හිතන මිනිස්සුන්ට නැවත අවස්ථාවක් ලැබිලා

08 March 2020

වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන,සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය බවයි. ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමටඑක්වන්නැ‘යි තමන් මෙරට කාන්තා පරපුරෙන් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා කීවේය. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමි ව මිනුවන්ගොඩ උඩුගම්පළ දී පැවති කාන්තා දින සැමරුමේ දී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සහභාගිත්වයෙන් රැස්වීම පැවැත්විණ. මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය විශේෂ තැනක් කාන්තාව වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන් ම කාන්තා හිංසනය ළමා අපචාර නැති කරන්න විධිමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා.  පහුගිය මාස තුනේ විපක්ෂය කළේ අපේ කකුලෙන් අදින එක නිසා අපි ඉදිරියේ දී පිහිටුවන ආණ්ඩුවක දී කාන්තාවක් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වැඩ පිළිවෙල ක්‍රියාවට නංවනවා. පහුගිය ආණ්ඩුව වසර 05 ක් තිස්සේ මේ රට අපායක් බවට පත් කළා. අවුරුදු 05ක් අපායක් බවට පත් කළ රටක් මාස තුනෙන් ගොඩ ගන්න බෑ. මහා බැංකු හොරකම තමයි පහුගිය කාලේ සිද්ධ වුණ ලොකුම හොරකම. මහ බැංකු හොරකමේ පොඩි පොඩි හොරු විතරයි අහු වෙලා ඉන්නේ. ලොකු හොරු ටික මග ඇරලා ඉන්නවා. අපි මේ හොරුන්ට මග ඇරලා ඉන්න ඉඩ තියන්නේ නෑ. පහුගිය ආණ්ඩුව සුදුපිරුවට පොරෝගෙන ආවට තනිකරම දූෂිත ආණ්ඩුවක්. බැදුම්කර හොරකම මේ රටේ ආර්ථිකයට බලපෑවා. අද රටේ ජනතාව මුහුණ දෙන බඩු මිල ඉහළ යාම වගේ දේවල් වලට වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩුව. ඔවුන්ගේ අදූරදර්ෂි ආර්ථික වැඩ පිළිවෙල නිසයි රට අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මහින්ද මහත්තයා පැරදුණාම ලග හිටපු අය මහින්ද මහත්තයව දාලා ගියා. එතුමාව පාවා දුන්නාත ඒත් කළගුණ දන්න මහින්ද මහත්තය එක්ක කතාවත් කරලා නැති මිනිස්සු එතුමාව නැවත රටේ බලයට ගේන්න කථා කළේ, වැඩ කළේ. 2015 ජනවාරි 08 වන දා පැරදුණාට පස්සේ අපි නොයෙකුත් අභියෝග වලට මුහුණ දුන්නා. ඒත් අද අපි ඒ සටන ජයග්‍රහණයේ අභිමුවට ගෙනවිත් තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ මහින්ද මහත්තයා අගමැති වුණා. එකක් දින 56 කට අනික දැන්. හැබැයි මේ දෙකම පත් වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා එතුමාව අගමැති ලෙස නම් කරපු නිසා. මහින්ද මහත්තයා කියන්නේ රටට අභය දානය දුන් නායකයෙක්. රටේ ජනතාවට ජීවත් වෙන්න පරිසරය හැදු නායකයෙක්. එතුමාට තුනෙන් දෙකක බහුතර බලයක් සහික ආණ්ඩුවක් පිහිටුවන්න අපි කටයුතු කරන්න ඕනේ. මේක තමයි ජනතා ඡන්දයෙන් මහින්ද මහත්තයව බලයට ගේන්න පුළුවන් අවස්ථාව. බඩ ගැන හිතන මිනිස්සුන්ට වඩා රට ගැන හිතන මිනිස්සුන්ට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා.
 

More News..