brand logo

‘බඩෝවිට ලොකු’ අත්අඩංගුවට විවෘත වරෙන්තු

02 February 2021

  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රවය ජාවාරම් කළේයයි චෝදනා එල්ලවී ඇති ප්‍රධාන පෙළේ මත්ද්‍රවය ජාවාරම්කරුවකු වන දළුගොඩ ආරච්චිගේ රජිත අසංක හෙවත් ‘බඩෝවිට ලොකු’ නමැත්තා ජාත්‍යන්තර පොලීසිය හරහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා අද විවෘත වරෙන්තු නිකුත්කර තිබේ. එම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ඇතුළු සැකකරුවන් 16 දෙනා ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝගකර ඇත. එසේම එම ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අධිකරණ නියෝග පරිදි අද අධිකරණයට ඉදිරිපත් කළ බෝට්ටුකරුවන් දෙදෙනා ගෙන් රහස් ප්‍රකාශ සටහන් කිරීම සඳහා සිය නිල මැදිරියට ඉදරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.
 

More News..