brand logo

බඩෝවිට රණා අත්අඩංගුවට ගත් STF මෙහෙයුම

23 February 2020

බඩෝවිට රණා නැමති කේරළ ගංජා ජාවාරම්කරු ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ගංජා කිලෝ 26 යි ග්‍රෑම් 940 ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ විශේෂ වැටලීම් එකකය විසින් ඊයේ (22) අත්අඩංගුවට ගෙන තිඛේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 34 ත් 35 ත් යන වයස් සීමාවල පසුවන ගල්කිස්ස / දොඩන්දුව / දෙහිවල පදිංචිකරුවෝය. මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු බන්ධනාගාරගතව සිට ජංගම දුරකත උපයෝගි කොටගෙන මෙම ජාවාරම මෙහෙයවා ඇති බව විමර්ශනවලදී අනාවරණවී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා ගල්කිස්ස පොලිසියට භාරදී තිඛේ.   හේමන්ත ලියනපතිරණ
 

More News..