brand logo

බඩඉරිඟුවෙන් කොමිස් ගැහිල්ලක් - බිත්තර මිල ඉහළට

19 October 2019

කුකුළු කෑම සඳහා ආනයනය කරනු ලබන බඩඉරිඟු මිල ඉහළ යාම නිසා බිත්තර මිලද ඉහළ ගොස් ඇතැයි බිත්තර නිෂ්පාදකයෝ පවසති. මෙම තත්ත්වය මත බිත්තරයක මිල රුපියල් 19-20 අතර මුදලක් දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය වසරේ ඇති වූ සේනා දළඹු වසංගතයත් සමග බඩඉරිඟු වගාවන් විනාශ වීම නිසා කුකුළු කෑම සඳහා බඩඉරිඟු ආනයනය කිරීමට ආණ්ඩුව තීරණය කළේය. ඒ වන විට බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් හතළිස් නවයක් වැනි මුදලකට වෙළෙඳපොළේ අලෙවි වූ අතර බඩඉරිඟු මෙට්‍රික් ටොන් පනස්දහසක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබිණි. එහෙත් ආනයන බලපත්‍ර ලබා ගැනීමට සිදුවීම නිසා ඒ සඳහා එක් කිලෝවකින් රුපියල් 1 -5 අතර කොමිස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් මේ වන විට කුකුළු කෑම කිලෝග්‍රෑමයක් රුපියල් 56 දක්වා ඉහළ ගොස් ඇත. මෙම තත්ත්වය මත එම බඩඉරිඟු සඳහා එකතු කරන අනෙකුත් ආහාර, විටමින් වර්ග එකොළහක් නිසා ආහාර කිලෝග්‍රෑමයක් නිෂ්පාදනයට වැයවන මුදල රුපියල් 73 දක්වා ඉහළ ගොස් ඇති බව කුකුළු කෑම නිෂ්පාදකයන් පවසති. චමින්ද සේනාරත්න
 

More News..