brand logo

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපන් ආයෝජකයන් හා එක්ව සංවර්ධනයට කැබිනට් අනුමැතිය

02 March 2021

කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව රාජ්‍ය - පෙ$ද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සදහා සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සාකච්ඡා කම්මුති කමිටුව විසින් අනුමත කරන ලද ඉදි කර, මෙහෙයුම් කර, පවරා දීමේ ගිවිසුම සහ යො ජනා ඉල්ලීම් ඉන්දීය මහකොමසාරිස් කාර්යලය සහ ජපන් තානාපති කාර්යාලය වෙත යොමු කර ආයෝජකයින් නම් කරන ලෙස ඉල්ලීමක් කර ඇත. ඒ අනුව Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) ඉදිරිපත් කළ යෝජනාව සදහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ එකගතාවය ලැබී ඇති අතර, ජපන් රජය විසින් කිසිදු ආයෝජකයෙකු මෙතෙක් නම් කර නොමැත. Adani Ports and Special Economic Zone Limited (APSEZ Consortium) හි දේශීය නියෝජිත වන්නේ John Keels Holding PLC (APSEZ Consortium)සමාගමයි.
 

More News..