brand logo

බගවන්තලාව පාසලකට අයත් ඉඩමක ගින්නක් - අක්කර 5ක් විනාශයි

05 April 2019

බගවන්තලාව සෙන්මේරිස් දමිල විදුහලට අයත් ඉඩමක අද (05) උදැසන හටගත් ගින්නකින් එම ඉඩමේ අක්කර 5 ගිනිගෙන විනාශ වි ඇති බව එම විදුහලේ විදුහල්පතිවරයා පැවසිය. පාසලේ ගොඩනැගිවලට ඉහලින් පිහිටි ඉලුක් සහිත ඉඩමේ අද උදසැන 10.30 ට පමණ මෙම ගින්න හටගත් බවයි විදුහල්පතිවරයා පැවසුවේ. පාසලට අයත් අක්කර 10 පමණ වු ඉඩමේ පැතිර යමින් තිබු ගින්න පාසල් ළමුන් සහ ආචාර්යය මණ්ඩලය එක් ව පාලනය කිරිමට සමත් වි ඇත. ගින්නෙන් පාසලේ ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු නොමැති බවද විදුහල්පතිවරයා පැවසිය. රංජිත් රාජපක්ෂ - හැටන්
 

More News..