brand logo

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දන්ත ශෛළ්‍ය ඒකකය වසා දැමිම හේතුවෙන් රෝගින් දැඩි අසිරුතාවයක

25 February 2019

බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දන්ත ශෛළ්‍ය ඒකකය වසර 1 ½ තිස්සේ වසා දැමිම හේතුවෙන් දන්ත රෝගින් දැඩි අසිරුතාවයක, දන්ත ශෛල්‍යය ඒකකය වටිනා උපකරණ විනාශ විමේ තර්ජනයක. මධ්‍යම පලාත් සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකය වසර 1 ½ තිස්සේ වසා තැබිම නිසා බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් රැසක් දැඩි අසිරුතාවයට පත් වි ඇත. බගවන්තලාව ප්‍රාදේශිය රෝහල යටතේ ආවරණය වන බගවන්තලාව ප්‍රදේශයේ පනස් දාහසකට ආසන්න ජන සංඛ්‍යාවක් සිටි අතර ඔහුන්ගේ ප්‍රධාන ජිවනෝපය වනුයේ තේ කර්මාන්තයේ රැකියාවයි. බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ අනෙකුත් වෛද්‍යය ප්‍රතිකාර සේවාවන් නිසි ලෙස සිදු වන බවත්, දන්ත ශෛල්‍යය ඒකකය වසා තැබිම නිසා දන්ත රෝගින් ප්‍රතිකාර ලබා ගැනිම සදහා කිලෝමිටර 12 පමණ එපිටින් වු දික්ඔය මුලික රෝහලට යන බවයි පැවසෙන්නේ. දික්ඔය මුලික රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකයට දිනකට විශාල රෝගින් පිරිසක් පැමිණෙන නිසා ඇතැම් අවස්තාවල ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව ආපසු ඒමට සිදු වන බවත්, තේ කර්මානතයේ නියැලි සිටින තමන්ට ආර්ථික අපහසුතා රැසක් පවතින නිසා දුර බැහර ප්‍රදේශයකට ගොස් ප්‍රතිකාර ලබාගැනිමට හෝ පෞද්ගලික අංශයෙන් ප්‍රතිකාර ලබාගැනිමට ගැටළු පවතින බවයි බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් පවසන්නේ. දන්ත ශෛල්‍යය ඒකකය දිර්ඝ කාලයක් වසා දැමිම නිසා එහි වටිනා උපකරණ රැසක් විනාශ විමේ අවධානමකට ලක් වි ඇති බවද බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් කියා සිටියේ. බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම රෝහලේ ප්‍රධාන වෛද්‍යය නිලධාරි එ.එස්.කේ.ජයසුරිය මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ තම රෝහලේ දන්ත ශෛල්‍යය ඒකකයේ සේවය කල වෛද්‍යය නිලධාරනිය පශ්චාත් වෛද්‍යය උපාධියක් හැදැරිම සදහා රෝහලෙන් බැහරව යාම හේතුවෙන් එම ඒකකය දිර්ඝ කාලයක් වසා දැමිමට සිදු වි ඇති බවයි. පවත්නා තත්ත්වය හේතුවෙන් සතියකට දින කිහිපයක් දන්ත වෛද්‍යවරයෙකුගේ සේවය තම රෝහලට ලබාදෙන ලෙස මධ්‍යම පලාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සහ නියෝජ්‍යය අධ්‍යක්ෂකවරයාගෙන් අවස්තා කිහිපයකදි ඉල්ලා ඇතත් එයට නිසි ප්‍රතිචාර මෙතෙක් නොලැබිම හේතුවෙන් බගවන්තලාව ප්‍රදේශයේ දන්ත රෝගින්ට ගැටළු රැසක් මතු වි ඇති බවයි. දන්ත ශෛල්‍යය ඒකකයේ උපකරණ දිනපතා සුද්ද පවිත්‍ර නොකිරිම නිසා එම උපකරණ විනාශ විමේ දැඩි අවධානමක්ව පවතින බව එම රෝහලේ ප්‍රධාන වෛද්‍යයවරයා වැඩි දුරටත් කියා සිටියා.
 

More News..