brand logo

බගවන්තලාව නගරයේ මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කඩා ඉවත් කෙරේ

11 December 2018

බගවන්තලාව නගරයේ ප්‍රධාන මාර්ගයට අවහිර වි තිබු වෙළදසැල් කිහිපයක ඉදිරිපස කොටස් කිහිපයක් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඊයේ (10) කඩා ඉවත් කරනු ලැබුවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් බගවන්තලාව නගරයේ කිලෝමිටර් 1 ක් පමණ මං තිරු දෙකක් වශයෙන් මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරිමේ ව්‍යාපෘතිය යටතේ මෙම වෙලදසැල් කඩා ඉවත් කරනු ලැබුවා. බගවන්තලාව නගරය හරහා හැටන් සිට බලංගොඩ ඇඹිලිපිටය දක්වා දිනපතා ලංගම සහ පෞද්ගලික බස් රථ ගණනාවක් ධාවනය වන අතර, තේ වතු ආශ්‍රිතව තේ කර්මාන්ත ශාලාවන් සිට තේ කොළ ප්‍රවහනය සදහාද විශාල ලොරි රථ ගණනාවක් බගවන්තලාව නගරය හරහා ධාවනය කරනු ලබනවා. බගවන්තලාන නගර මධ්‍යයේ මාර්ගය ඉතා පටු නිසාත් මාර්ගය දැඩිව අබලන්ව තිබිම හේතුවෙන් නගර මධයයේ වැසි ජලය බැස යාමට කාණු පද්ධතියද අලුතින් ඉදිකර මාර්ගය මං තිරු දෙකක් වශයෙන් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමේ කටයුතු මාර්ග සංවර්ධන අදිකාරිය මගින් මේ වන විට ආරම්භ කර ඇත. මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම සදහා මාර්ග හා මහ මාර්ග අමාත්‍යංශය මගින් මිලියන 15 වක ප්‍රතිපාදන ලබා දි ඇත හැටන් - රංජිත් රාජපක්ෂ
 

More News..