brand logo

බංග්ලාදේශ සංචාරය තීන්දුවන හැඩ

14 September 2020

සැලසුම් කර තිබූ පරිදි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා බංග්ලාදේශය සහභාගී වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තම කණ්ඩායම වෙත සත්කාරක රට විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසිවලට අනුකූලව අනිවාර්ය දින හතක නිරෝධායනයකට ලක්වීම පිණිස සූදානමින් සිටින බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. ශ්‍රී ලංකා නරඹන්නන්ද ඔවුන්ගේ තරගමාලාවට පෙර නිරෝධායනය සතියක් ගත කළ යුතු බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් පෙරේදා (12 වැනිදා) එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මෙහිදී බංග්ලාදේශ ප්‍රධාන විධායක නිසා මුදීන් චෞද්රි ‘අපි නිරන්තරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සන්නිවේදනය කරනවා. අපි ඔවුන්ගෙන් සවිස්තරාත්මක සැලසුම් ගැන සොයා බැලුවා. නමුත් නිරෝධායන කාලය පිළිබඳව තවම ඔවුන් තම සෞඛ්‍ය අමාත්‍යාංශය සමග කතා කරන බව දැනුම් දුන්නා’ යැයි මාධ්‍ය වෙත පැවසීය. ඒ අනුව මෙම තරගාවලිය ක්‍රියාත්මක වුවහොත් කොරෝනා අවදානමෙන් පසුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මෙය වන අතර දකුණු ආසියානු කලාපයේ පැවැත්වෙන පළමු තරගාවලිය ද මෙය වේ.
 

More News..