brand logo

බංග්ලාදේශ පිල පළමු ඉනිමට ලකුණු 465යි

18 May 2022

ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම අරඹයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 465ක් රැස්කර ගැනීමට සමත් විය. බංග්ලාදේශ පිල වෙනුවෙන් තමීම් ඉක්බාල් ලකුණු 133ක් රැස්කර ගෙන සිටියදී ආබාධයකට ලක් විය. මුෂ්ෆික රහීම් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 105ක්. ඊට අමතරව ලිටුන් ඩාස් ලකුණු 88ක් සහ මුහමදුල් හසන් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදි කසුන් රජිත කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය. අසිත ප්‍රනාන්දු  දවාගත් කඩුළු සංඛ්‍යාව 3කි. මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා දැවී ලකුණු 397ක් රැස්කර ගත්තේය. ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් 199ක් රැස්කර ගැනීමට සමත් විය. මේ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩු ලකුණු 68ක් ඉදිරියෙන් සිටියි.
 

More News..