brand logo

බංග්ලාදේශ තුන්කොන් තරගාවලියේ පළමු තැනට ඇෆ්ගනිස්ථානය

19 September 2019

බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියටම පැමිණීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ. තරග 6කින් සමන්විත මෙම තරගාවලියේ තරග 4ක් මේ වන විට ක්‍රීඩාකර අවසන් අතර, ඉන් තරග දෙකකට තරගවැදී එම තරග දෙකම ජයගෙන සිටින ඇෆ්ගනිස්ථානය ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන ඉදිරියෙන් සිටී. බංග්ලාදේශ කණ්ඩායම තරග 3කට ක්‍රීඩාකරන ඉන් තරග දෙකක් ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසු වේ. සිම්බාබ්වේ කණ්ඩායමට තරග 3කට ක්‍රීඩාකර එම තරග තුනම පරාජයට පත්ව ඇත. මෙම තරගාවලියේ ඊයේ (18) පැවැති සිව්වැනි තරගය ලකුණු 39කින් ජය ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
 

More News..