brand logo

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම දින 14ක නිරෝධායනයට අකමැතිවෙයි

29 September 2020

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන ඔක්තෝබර් 23 වැනිදා සිට පැවැත්වීමට නියමිතව තිබුණු තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැවත සැලසුම් කරන ලෙසට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇති බවට බංග්ලාදේශ මාධ්‍ය වාර්තාකර සිටී. බංග්ලාදේශ ක්‍රිකට් සභාපති නස්මුල් හසන් ඊයේ (28 වැනිදා) පස්වරුවේ ෂ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී මාධ්‍ය වෙත මේ බව කියා තිබිණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි නස්මුල් හසන් ‘දින 14ක නිරෝධායනය හැරුණු විට අපගේ බොහෝ කොන්දේසිවලට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟ වී ඇත. කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිර්දේශයන් ගන්නේ ශ්‍රී ලංකා රජය. නමුත් එහි එන නිරෝධායන කොන්දේසිය යටතේ අපේ කණ්ඩායම ශ්‍රී ලංකාවට යැවිය නොහැක.’ යැයි කියා තිබේ. අදාළ තරගාවලිය දින නියමයකින් තොරව කල් තැබීම සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද ඊයේ නිකුත්කර තිබුණි.  
 

More News..