brand logo

බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ රජ ගමනක

28 September 2018

ඉන්දියාවේ ඇරයුමෙන් ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශය පළමු පන්දුවාර 15 අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 86 ක් රැස්කරගෙන සිටියේය. ඉන්දීය පන්දු යවන්නන්ව කදිමට පාලනය කරමින් පිති ප්‍රහාරය දියත් කරමින් සිටින ලිටන් ඩස් ලකුණු 59 ක් සහ මෙහෙදි හසන් මිරාස් ලකුණු 25 ක් බැගින් රැස්කරගෙන සිටියේය. පන්දු 41 කදී වාර්තා වූ ඩස්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් අන්තරගත වී තිබිණි. ආසියානු කුසලානක අවසන් මහා තරගයක් උදෙසා බංග්ලාදේශය පැමිණි දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර ඔවුන් 2012 වසරේදී අවසන් තරගය වරම් හිමිකරගෙන තිබේ. කෙසේ නමුත් එහිදී ඔවුන්ට පාකිස්තානය හමුවේ අනුශූරතාවෙන් සෑහීමට පත්වන්නට සිදුවිය.
 

More News..