brand logo

බංග්ලාදේශය කඩුළු 4ට ලකුණු 474යි

22 April 2021

ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් කරමින් තරගය මීට සුළු වේලාවකට පෙර නතර කර තිබේ. ඒ අනුව දිනය නිමාවන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 4ක් දැවී ලකුණු 474ක් ලබාගැනීමට සමත් විය. නොදැවී පන්දුවට පහරදෙමින් සිටි මුෂ්ෆික රහීම් ලකුණු 43ක් සහ ලිටුන් දාස් ලකුණු 25ක් රැස්කර ගෙන සිටියහ. බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නජුමුල් හොසින් සන්ටො ලකුණු 163ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහුට අනගි සහයක් දැක්වූ නායක මොමිනුල් හක් ලකුණු 127ක් රැස්කර ගත්තේය. තමීම් ඉක්බාල් ද ලකුණු 90ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුළු දෙකක් දවා ගත් අතර, ලහිරු කුමාර සහ ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. හෙට (23) තරගයේ තෙවන දිනයයි.
 

More News..