brand logo

බංග්ලාදේශයෙන් ස්ථාවර ඉනිමක්

23 May 2022

ලිටුන් දාස් නොදැවී ලකුණු 135

  ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අද නිමාවට පත්වුනා. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බංගලාදේශ පිළ දිනය නිමාවන විට කඩුළු 05 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 277 ක්. බංගලාදේශ ඉනිමේ මුල් කඩුලු 05 ලකුණු 24 ක් වන විට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවද 06 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 253 ක නොබිදුනු සබදතාවයක් ගොඩ නගන්නට මුෂ්ෆිකර් රහීම් හා ලින්ටන් දාස් සමත් වුනා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 115 ක්ද ලින්ටන් දාස් ලකුණු 135 ක් ලබාගෙන නොදැවී ක්‍රීඩා කරනවා. මුෂ්ෆිකර් රහීම් පළමු ටෙස්ට් තරගයේදිද ශතකයක් රැස් කළා. කසුන් රාජිත කඩුලු 3 ක් දවා ගත් අතර අසිත ප්‍රනාන්දු කඩුලු දෙකයි. තරගය පැවැත්වෙන්නේ ඩකා හීදියි. හෙට තරගයේ දෙවැනි දිනයයි. මේ අතර අද තරගය අතරතුර පන්දු රකිමින් සිටියදී ඇතිවූ පපුවේ ආබාධයක් මත කුසල් මෙන්ඩිස් රෝහල්ගත කෙරුණා.
 

More News..