brand logo

බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

12 May 2021

බංග්ලාදේශ සමග පැවැත්වීමට නියමිත එක්දින තරග සංචාරය සදහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමිව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි. ක්‍රීඩකයින් 18දෙනෙකුගෙන් සමන්විත එම සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ද අනුමැතිය හිමිව තිබේ. සංචිතය පහතින්.... කුසල් ජනිත් පෙරේරා - නායක කුසල් මෙන්ඩිස් - උපනායක ධනුෂ්ක ගුණතිලක ධනංජය ද සිල්වා පැතුම් නිශ්ශංක දසුන් ශානක අශේන් බණ්ඩාර වනිදු හසරංග ඉසුරු උදාන අකිල ධනංජය නිරෝශන් දික්වැල්ල දුෂ්මන්ත චමීර රමේශ් මෙන්ඩිස් අසිත් ප්‍රනාන්දු ලක්ෂාන් සදකැන් චාමික කරුණාරත්න බිනුර ප්‍රනාන්දු ශිරාන් ප්‍රනාන්දු
 

More News..