brand logo

පෞද්ගලික සහල් මෝල් හිමියෝ ඇමැතිට කොකා පෙන්වති

20 April 2019

පෞද්ගලික ව්‍යාපාරිකයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදුන් පොරොන්දු කඩ කරමින් උත්සව සමයේ හා ඉන්පසුව ද සහල් මිල ඉහළ දමා තිබේ. පසුගිය මහකන්නයේ වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් බිලියන 22ක බැංකු ණයකර ලබාදුන් අතර ඒ අනුව 1:2 අනුපාතයට අනුව සහල් මිල අප්‍රේල් 01 වැනි දින සිට පහත හෙළන බවට ප්‍රධාන සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමැති පී. හැරිසන්ට පසුගිය ජනවාරි 31 වැනි දින පොරොන්දු වූහ. ඒ අනුව සහල් කිලෝග්‍රෑමයක් නිෂ්පාදනය කිරීමට වී කිලෝ 2ක ප්‍රමාණයක් සහන මිලකට සහල් වෙළෙඳපොළට නිකුත් කරන බවට ඔවුන් පොරොන්දු වූහ. එහිදී සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 41කටද නාඩු වී කිලෝවක් රුපියල් 38ක මිලකට ද ගැනීම සඳහා මිලක් නියම කළද පෞද්ගලික වෙළෙඳුන් වී කිලෝවක් රුපියල් 28-30ක මිලකට ලබා ගත්තේය. පෞද්ගලික සහල් ව්‍යාපාරිකයන් පොරොන්දු වූ ආකාරයට රුපියල් 85කට සම්බා සහල් කිලෝවක් අලෙවි කරන බව සඳහන් කළද මේ වන විටත් සහල් කිලෝග්‍රෑමයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 90-100ත් අතර මුදලකට බවද අප කළ නිරීක්ෂණයේදී හෙළි විය. මධුභාෂණ හේරත්
 

More News..