brand logo

පෞද්ගලික රෝහල්වල ඩෙංගු පරීක්ෂාවට ස්ථාවර මිලක්

07 January 2020

ඩෙංගු රෝගීන් සඳහා පෞද්ගලික රෝහල්වල සිදුකරන රුධිර සාම්පල විශේෂ පරීක්ෂාව සඳහා අය කරන මුදල නියාමනය කිරීමට සෞඛ්ය අමාත්යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වෙයි. මෙම පරීක්ෂාව සඳහා පෞද්ගලික රෝහල් රෝගීන්ගෙන් රුපියල් 1200 සිට 3000 දක්වා වූ මුදලක් අය කරයි. මෙම මුදල පාලනය කරමින් ස්ථාවර මිලක් ප්රකාශ කිරීමට වූ සාකච්ඡාවක් සෞඛ්ය අමාත්යාංශය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවත්වා ඇත. එහිදී ගනු ලැබූ තීරණ මත මෙම මිල සැලකිය යුතු මුදලකින් අඩු කරන බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ පවසයි. දෙසැම්බර් මාසයේ සිට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක්ද දක්නට ලැබෙයි. 2019 වර්ෂයේ රෝගීන් 93,000ක් වාර්තා වී ඇත. ඩෙංගු රෝගීන් බහුල වශයෙන් වාර්තා වූ බස්නාහිර, දකුණ, උතුර වැනි පළාත්වල විශේෂඥ ඩෙංගු මර්දන වැඩසටහනක් අද (7 වැනිදා) පැවැත්වීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු යොදා ඇත. එහි විශේෂ වැඩසටහනක් සෞඛ්ය ඇමැති පවිත්රා දේවි වන්නිආරච්චිගේ ප්රධානත්වයෙන් ගාල්ල ධීවර වරාය පරිශ්රයේදී සිදුකිරීමට නියමිතය. උදයජීව ඒකනායක
 

More News..