brand logo

පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්

22 May 2021

කොවිඩ් – 19 පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ‍පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව යොමු කරනු ලැබ ඇත. ඒ අනුව,
  • පරීක්ෂණ සිදු කළ යුත්තේ, ප්‍රතිකාර නිශ්චය කිරීම භාර වෛද්‍ය විශේෂඥයා හෝ වෛද්‍ය නිලධාරියා හෝ එකී අවශ්‍යතාව නිර්දේශ කර ඇත්නම් පමණි.
  • සාම්පල ලබා ගැනීමෙන් පසු ප්‍රතිඵල ලැබෙන තුරු ආයතනය හෝ නිවස ඇතුළත හුදකලාව රැඳී සිටින ලෙස රෝගියාට නියම කළ යුතු ය.
  • රෝගියාට කොවිඩ් – 19 ආසානදය වී ඇත්නම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකයට, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට සහ රෝගියාට දැනුම්දීම රෝහල් බලධාරියාගේ වගකීමයි.
  • ආසාදිත රෝගීන් වගකිවයුතු වෛද්‍යවරයාගේ නිර්දේශය පරිදි බලයලත් කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක රැඳවීමට රෝහල් බලධාරීන් ක්‍රියා කළ යුතු ය.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරන්නේ, යම් පෞද්ගලික රෝහලක් මෙම මාර්ගෝපදේශ කඩ කරන්නේ නම්, කොවිඩ් – 19 පි.සි.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට දී ඇති අවසරය අවලංගු කරන බවයි .
 

More News..