brand logo

පෞද්ගලික බැංකු ශාඛාවක 8කට කොරෝනා

25 January 2021

රත්මලාන ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ශාඛාවක් තාවකාලිකව වසා දමා තිබේ. ඒ අදාළ බැංකුවේ සේවක සේවිකාවන් 8දෙනෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙනි. මෙම බැංකු ශාඛාවේ සේවිකාවකට පසුගිය සතියේදී කොවිඩ්-19 වෛරසය ආසාදන වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් ඊයේ (24) දින එම බැංකුවේම තවත් සේවක සේවිකාවන් 9දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කර තිබිණි. එහි පරීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත්තේ ඉන් 7දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවයි. එම කොවිඩ් ආසාදිතයින් පිරිස අදාළ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් යොමු කර ඇත. අනෙක් සේවක සේවිකාවන් නිරෝධායනයට යොමු කර තිබේ.
 

More News..