brand logo

පෞද්ගලික බැංකුවකින් ගත් ණය නොගෙව්වොත් බන්දුලගේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසියක

26 February 2019

පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්දුලගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කර ඇත. තමා අත්සන් කරන්නේ උකස්කරයකට බව නොදැන යම් ලේඛණයකට අත්සන් කළ බවට බන්ධුල ගුණවර්ධන මහතා පැවසුවත් ප‍්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයකු වන ගුණවර්ධන මහතා වැන්නකු නොදැන අත්සන් කළැයි කියන කරුණු පිළිගත නොහැකි බව තීන්දු කරමින් බැංකු අයිරාවක් හා ණය වශයෙන් ලබාගත් මුදල් නොගෙවුවහොත් ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කර ඇත. අල්ෆා ඩිජිටල් පුද්ගලික සමාගම විසින් අවස්ථා හතරකදී මෙම බැංකුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක ණය මුදල් ලබාගෙන එම ණය මුදල් හෝ ඊට අයවිය යුතු පොළී මුදල් නොගෙවා පැහැර හැරීම නිසා එම ණය මුදල හා පොළී මුදල් අයකර ගැනීම සඳහා මෙම නඩුව පවරා ඇත.
 

More News..