brand logo

පෞද්ගලික බස්රථ සංගමයේ ලේකම්ට පහරදුන්නාට වැලිමඩ - නුවරඑළිය බස් වර්ජනය කරයි

11 December 2018

වැලිමඩ - නුවරඑළිය 311 බස් මාර්ගයේ පෞද්ගලික බස් රථ සේවකයින් විසින් අද පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය. වැලිමඩ - නුවරඑළිය පෞද්ගලික බස් රථ සේවක සංගමයේ ලේකම් වරයාට එම මාර්ගයේ කෙටි දුර ධාවනය කරන බස් රථයක හිමිකරුවෙකුගේ පුතෙකු විසින් ඊයේ ( 10) දින සිදු කරන ලද පහර දීමකට විරෝධය පල කරමින් මෙම වර්ජනය දියත් කර තිබේ. වැලිමඩ - නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන ඇතැම් කෙටි දුර ධාවන බස් රථ අක‍්‍රමවත් ආකාරයෙන් ධාවන කටයුතු වල නිරත වන බවත් එම නිසා බොහෝ අවස්තාවල මේ ආකාරයෙන් බස් රථ සේවකයින් හා හිමිකරුවන් අතර බහින් බස් විම් සිදු වන බවත් වැලිමඩ- නුවරඑළිය බස් රථ සේවක සංගමයේ සාමාජිකයින් පවසති. පහර කෑමට ලක්වු වැලිමඩ - නුවරඑළිය බස් රථ සේවකයා මේ වන විට ප‍්‍රතිකාර සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. බස් රථ සේවකයාට පහර දුන් පුද්ගලයා වහා අත්අඩංගුවට ගන්නා ලෙසත් මෙම අක‍්‍රමවත් බස් ධාවනයට වහා විසදුම් ලබා දෙන ලෙසත් බලධාරින්හට බල කරමින් මෙම වර්ජනය අද දින දවස පුරා දියත් කරන බවත් වැලිමඩ- නුවරඑළිය බස් රථ සේවක සංගමයේ සාමාජිකයින් පැවසිය. සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂන මෙහෙයවති. වැලිමඩ - පේ‍්‍රමලාල් රත්නායක
 

More News..