brand logo

Update : පෞද්ගලික ගුවන් යානයක් හදිසියේම කිඹුලාපිටිය ගොඩබස්වයි

27 December 2021

යානයේ ගමන්ගත් දෙදෙනෙකුට තුවාල

පෞද්ගලික ගුවන් යානයක් හදිසියේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයට ගොඩබස්වා ඇති බවට වාර්තා වේ. ගුවන් හමුදාව පැවසුවේ යානයේ ගමන් කළ සිව්දෙනෙකු අතුරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එම ස්ථානයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කණ්ඩායමක් යැවූ බවද ගුවන් හමුදාව පැවසීය.

මේ අතර මීට දින කිහිපයකට පෙර ද පයාගල වෙරළ තීරයට සැහැල්ලු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් හදිසියේ ගොඩබෑඹට පියවර ගනු ලැබීය.
 

More News..