brand logo

පෞද්ගලික ඔසුසල් හිමියන් කොවිඩ් එන්නත ඉල්ලයි

17 June 2021

දිවයින පුරා පෞද්ගලික ඔසුසල්වල සියලු සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබාදෙන්නැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

එම සංගමය සදහන් කළේ මේ දිනවල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඔසුසල් පවත්වාගෙන යන හෙයින් එහි සේවය කරන සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එන්නත ලබාදෙන ලෙසයි. අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න ඔසුසැල්වල සේවය කරන සේවකයින් කොවිඩ් ආශ්‍රිතයන් සමග බොහෝ විට ගනුදෙනු කරන හෙයින් ඔවුන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබාදීම ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් ඔවුන්ට කඩිනමින් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය රජයේ වැඩිදුරටත් ඉල්ලීමක් කරයි.
 

More News..