brand logo

පෞද්ගලික අංශ අවම වැටුප වැඩි කෙරේ

24 February 2020

පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජාතික කම්කරු උපදේශක සභාවේ නිර්දේශ මත වැඩිවන ජීවන වියදම සලකා බලා රුපියල් 10,000ක්ව පැවැති මාසික වැටුප රුපියල් 12,500 දක්වා මෙලෙස වැඩි කෙරේ. තවද අවම දෛනික වැටුප රුපියල් 400 සිට 500 දක්වා වැඩි කිරීමටද නියමිත බව නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන පවසයි. 2015 වර්ෂයේදී ජාතික කම්කරු උපදේශක සභාව මෙම නිර්දේශ ලබාදී තිබේ. මේ සඳහා ඇමැති මණ්ඩල අනුමැතියද හිමිව ඇති අතර, ඒ සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය. උදයජීව ඒකනායක
 

More News..