brand logo

පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක්

10 May 2021

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කරමින් පෞද්ගලික අංශයේ සේවකයින්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට රජය සුදානම් වන බව මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල (E.P.F) සහ සේවක භාර අරමුදල (E.T.F) මහා භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වන අර්ධ විශ්‍රාම වැටුප් අරමුදලක් බවට පරිවර්තනය කිරීමට නියමිතය. යෝජිත විශ්‍රාම වැටුප් අරමුදල මගින් විශ්‍රාමික සාමාජිකයකුට එකවර ගෙවීමක් ලෙස මුදල්වලින් කොටසක් ලබා ගැනීමටත්, මාසික විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා ඉතිරිය රඳවා ගැනීමට හෝ විශ්‍රාම යාමේදී සම්පූර්ණ මුදල ලබා ගැනීමටත් ඉඩ සැලසෙනු ඇත. මෙම නව යෝජනා ක්‍රමය හඳුන්වාදීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මූලික අදහසක් ප්‍රකාශ කරමින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පසුගියදා කියා සිටියේ පෞද්ගලික අංශය සඳහා විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බවයි. ශ්‍රී ලංකාව වයස්ගත ශ්‍රම බළකායක් සමග විශාල ආර්ථික බරකට මුහුණදීමට ඉඩ ඇති හෙයින් පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව මේ පිළිබඳව ‘අරුණට’ අදහස් පළකළ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද පැවසීය. පෞද්ගලික අංශය සඳහා වෙනම විශ්‍රාම වැටුප් ක්‍රමයක් පිහිටුවීමට 2011 වර්ෂයේ මැයි මාසයේදී එවකට පැවැති ආණ්ඩුව දැරූ උත්සාහය විරෝධතා මධ්‍යයේ අතහැර දැමිණි. නයන තරංග ගමගේ
 

More News..